අස්වැසුම දෙවැනි අදියර 15 දා සිට

6976


අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරේ අයදුම්පත් භාර ගැනීම 15 වැනිදා සිට ආරම්භ කරනු ලබන අතර ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු ජූලි මස සිට සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
අස්වැසුම දෙවැනි අදියර වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇතැයි ද ශෙහාන් සේමසිංහ මහතා කියයි.
ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකන්ට යටත්ව පරීක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව ඔවුන්ට හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment