ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් කාණු අවහිර වී මහ වැස්සට යාපනය යටවෙයි

169

යාපනය දිස්ත්‍රික්කයට පෙරේදා (30 දා) සවස බලපෑ වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හමුවේ යාපනය නගරයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවිය. යාපනය බස් නැවතුම්පළ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශ මෙසේ ජලයෙන් යටවූ අතර මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුව තිබේ. ඒ අනුව ජනතාව පවසා සිටින්නේ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය වලින් කාණු පද්ධතීන් අවහිරවීම හේතුවෙන් මෙසේ නගරය ජලයෙන් යටවන බවයි. එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳව තමන් යාපනය මහ නගර සභාව කීප වතාවක්ම දැනුවත් කළද ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙසේ නගරය ජලයෙන් යටවන බව වෙළෙඳුන් මැසිවිලි නඟති.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment