ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායමට ජය

106

ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම අතර රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී පැවැති සුහද රග්බි තරගයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය.

ශ්‍රී ලංකාවේ පුහුණු සංචාරයක නිරත ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදා, ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සමඟ පුහුණුවීම් සඳහා සහභාගී වීමෙන් අනතුරුව මෙම තරගයට සහභාගි වූයේය.

ඉන්දීය රග්බි කණ්ඩායමේ නායකත්වය විකාස් කට්ටි විසින් දරන ලද අතර ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවේ තිළිණ වීරසිංහ විසින් දරන ලදී. ඉන්දීය ජාතික කණ්ඩායම ලබාගත් ලකුණු 30ට එරෙහිව ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම තරගය අවසන් වන විට ලකුණු 31ක් ලබාගෙන ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩි, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් මෙන්ම රග්බි ස්ථාවරකරණ කමිටු සභාපති චූලා ධර්මදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment