රෝගය සුවකර ගැනීමට ආධාර කර දුෂාන්තිට ජීවිතය දෙමු

54

මොරටුව, තෙලවල, නො. 247, ශාසනජෝති මාවතේ පදිංචි ඩිල්කි දුෂාන්ති නමැති 21 හැවිරිදි තරුණිය කොඳුඇට පෙළ ඇදවීමේ රෝගයෙන් පෙළෙන අතර එය සුවකර ගැනීම සඳහා ඉන්දියාවේ කේරළයේ රාජගිරි රෝහල වෙත රැගෙන යායුතු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ.

මේ සඳහා රුපියල් ලක්ෂ 60ක් පමණ වැයවන බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය රැකියාවක් කරන තමාට මෙම මුදල සොයාගැනීම ඉතාම අපහසු වී ඇති බවත් අයගේ පියා පවසයි. රෝගි දැරියගේ මව රැකියාවක් නොකරන අතර මෙම මුදල සොයාගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යාධාර ලබාගැනීමට දෙමාපියෝ බලාපොරොත්තු වෙති.

මෙම ශල්‍යකර්මය තවත් කාලයක් ගතවීමට පෙර සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පවසන බව දෙමාපියෝ කියති. ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යාධාර මොරටුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කේ.ඩී.දුෂාන්ති 100206080995 ගිණුම් අංකයට යොමුකරන ලෙස ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර 0776425826 හෝ 0755401977 දුරකථන අංකවලින් විමසීම් කළ හැක.

advertistmentadvertistment
advertistmentadvertistment