අවුරුදු උත්සවවල තරඟවලට යෑමට පෙර දරුවන්ගේ හදවත පරීක්ෂා කරගන්න

150

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල පැවැත්වෙන අවුරුදු උත්සවවලට දරුවන් ඉදිරිපත් කිරීමට පෙර හෘදය වස්තුව සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම ඉතා යෝග්‍ය බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

අවුරුදු උත්සවයක මැරතන් තරගයකට සහභාගි වූ 17 හැවිරිදි දරුවෙකු හදිසියේ රෝගාතුරව ඇදවැටී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු එසේ පැවසීය.

තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.

“අවුරුදු උත්සවවල මැරතන් ධාවන තරගවලට දරුවන් ඉදිරිපත් වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම වැදගත්. විශේෂයෙන් තමන්ගේ හෘදය වස්තුව පරීක්ෂාවකට ලක්කරගන්න. ඒ ලබාගන්නා වෛද්‍ය උපදෙස් ඉතා වැදගත්. ඒ වෛද්‍ය පරීක්ෂණයෙන් ඔබට ගැටලුවක් නැහැ කියලා තීරණය කළොත් ඒ මැරතන් තරගයට ඉදිරිපත් වීම සුදුසුයි.

මැරතන් ධාවන තරගයට සහභාගිවන දරුවන් තැඹිලි වතුර, දොඩම් යුෂ, දෙහි වතුර, ජීවනී වතුර ටිකක් බොන්න. ඒක ශරීරයට හොඳයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment