චමුදිතගේ නිවසට පහරදීමට වාහනය ආවේ දෙහිවල සරණංකර පාර දෙසින්!

357

හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයන් ගමන් ගත් වාහනය දෙහිවල සරණංකර පාර දෙසින් පැමිණි බවට සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු අනාවරණය වී ඇත.

මාර්ග කිහිපයක සහ ගොඩනැඟිලිවල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගෙන මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙතෙක් කළ පොලිස් පරීක්‍ෂණවල තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පෙරේදා චමුදිත සමරවික‍්‍රම මහතා සමඟ සාකච්ඡුා කර ඇති අතර දෙහිවල, ගල්කිස්ස, කොළඹ, කළුබෝවිල යන නගරවල කිසිවකු හෝ තර්ජනය කළා දැයි පොලිසිය චමුදිතගෙන් දෙවැනි වරටත් කටඋත්තර ලබාගෙන ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment