විමල්ගේ විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

420

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉදිරිපත් කොට තිබූ මූලික විරෝධතා දෙකක කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් ඊයේ (13 දා) ප්‍රතික්‍ෂේප කරමින් නියෝගයක් නිකුත් කරන ලදී.

අධිචෝදනා පත්‍රයේ සඳහන් නීති විරෝධී වත්කම් උපයා ගත්තේ යැයි කියන කාලය වසරක් ඉක්මවීම, රාජ්‍ය සේවකයා යනාදි සංඝටක විධිමත් ආකාරයෙන් විභාගයක් පවත්වා අධිකරණය හමුවේ තහවුරු කළ යුතු සංඝටක වන්නේ යැයි පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන වසරේ ජනවාරි 29 වැනිදා පැවැත්වීමට ද විනිසුරු නවරත්න මාරසිංහ මහතා දින නියම කළේය. 2009 ජනවාරි 1 වැනිදා හා 2014.12.31 වැනිදා කාලය අතරතුර දී අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමල් වීරවංශ මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment