රණබිම ජය ගන්න පුතුනි ඔබට අවසරයි…

222

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ට වූ පුහුණුවක් හැදෑරු සුවිශේෂී වූත් හැකියාවන්ගෙන් සමන්විත වූත් නිලධාරින් සහ සෙසු නිලයන්ගේ විසිරයෑමේ පෙළපාලිය පසුගිය සෙනසුරාදා (13දා) කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී විසිර යන කමාන්ඩෝ සාමාජිකයන්ගේ දෙමවුපියන් ඔවුන් වෙත කමාන්ඩෝ ලාංඡනය පැළැඳවූ අතර යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රමුඛ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වූ සෙබළුන්ට ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳ වූහ. මෙහි දැක්වෙන්නේ එක් මවක් සිය පුතු වැළඳ සුබපතන අයුරුයි.

advertistmentadvertistment
advertistmentadvertistment