රන් මහා සටනේ ජය මහානාමයට

81

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැති 18 වැනි වාර්ෂික රන් මහා සටන එක්දින තරගයෙන් ලකුණු 133ක ජයක් හිමි කරගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් විය.

කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහානාම විද්‍යාල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 305ක් ලබා ගත්තේය. මහානාම විද්‍යාලය වෙනුවෙන් රශ්මික පෙරේරා පන්දු 84කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වූයේය. කවිඳු අමරනෙත් ලකුණු 42ක්, කූජන පෙරේරා ලකුණු 35ක් සහ දුල්නිත් සිගේරා ලකුණු 34ක් ලබාගෙන මහානාම ඉනිමට ශක්තියක් වූහ. ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ඩිලාෂ් කරුණානායක ලකුණු 53ට කඩුලු 3ක් දවා ගත් අතර අක්මාල් ෆස්ලි කඩුලු 2ක් දවා ගත්තේය.

රන් මහා සටනේ ජය මහානාමයට

මෙම තරගයේ ත්‍යාග සහ සහතික පත් ලබාදීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජයග්‍රාහකයින්ට හිමි කුසලානය පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

එසේ එම පාසල් දෙකේ පුස්තකාලවල පරිහරණය සඳහා, විදුහල්පතිවරුන් වෙත “Press Vs Prez” ග්‍රන්ථ දෙකක් පරිත්‍යාග කිරීමද වජිර අබේවර්ධන මහතා අතින් සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment