ෆ්‍රැන්සිස් ප්‍රිමියර් ලීග් ශූරයෝ

38

දළුගම මීසමේ නුවාන කොට්ඨාස අටක ක්‍රිකට් කණ්ඩායම් 12ක් අතර සංවිධානය කළ ෆ්‍රැන්සිස් ප්‍රිමියර් ලීග් – 2024 ක්‍රිකට් තරගාවලිය පසුගියදා දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරු දින (28දා) පැවැත්විණි.

දළුගම ධර්ම සේවා සභාව හා දළුගම තරුණ සංගමය එක්ව සංවිධානය කළ මෙම ශූරතා තරගාවලියේදී නුවාන කොට්ඨාස අංක 03 නියෝජනය කළ “ඉලෙවන් ස්ටාර්ස්” කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර එම ශූරතා කුසලාන ප්‍රධාන ආරාධිත දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියනම අතින් එම කණ්ඩායමේ නායක මලිත් දිමන්ත පෙරේරා ලබාගත් අවස්ථාව මෙහි දැක්වේ. දළුගම මීසම සහායක අසේල මාරියෝ පියනමද ඡායාරූපයේ සිටී.

සටහන හා ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment