ගාල්ල රැඳවියන් දෙදෙනාගේ මරණයට හේතුව

191


ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑමට හේතුව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසිය.මෙම රැඳවියන් දෙදෙනාට මෙනින්ජෝකොකස් බැක්ටීරියාව ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසූවේ මරණ සඳහා හේතුවී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බව අනාවරණය වී ඇති බවය.

එසේම මෙම රෝග ලක්ෂණ සහිත තවත් රැඳවියන් 7 දෙනෙක් බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බව ද ඔහු පැවසීය.

එම පුද්ගලයින්ට උණ සහ සමේ ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වී ඇති බවද සඳහන් කරයි.

එසේ මියගොස් ඇත්තේ සහ රෝහල්ගත කර ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියන් ය.

advertistmentadvertistment
advertistmentadvertistment