ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය අද සහ හෙට

46

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ඊයේ (08 දා) දින ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු දෙදින විවාදයක් අද සහ හෙට (09, 10) දිනවල පැවැත්වෙනු ඇත.

මෙම විවාදය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේ දී ගත් තීරණය අනුවය.

ඒ අනුව පාර්ලිමේන්තුව අද උදේ 9.30 ට රැස්වන අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේ දී යථා පරිදි ඉදිරිපත් කර තිබූ යෝජනා 51 ක් අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම ප්‍රථමයෙන් සිදු කෙරේ.

අනතුරුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප.ව 5.00 දක්වා පැවැත්වෙනු ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment