කොල්කටා කණ්ඩායමට එක ලකුණක තියුණු ජයක්

103

රෝයල් චැලේන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර පෙරේදා (21 වැනිදා) පැවති අයිපීඑල් තරගයෙන් ලකුණු 1ක තියුණු ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 222 ක් රැස් කළ අතර රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 221 ක් පමණි.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් නායක ශෙයාෂ් අයියර් පන්දු 36 කින් ලකුණු 50 ක් (හයේ පහර 1ක් සහ හතරේ පහර 7 ක්) පිලිප් සෝල්ට් පන්දු 14 කින් ලකුණු 48ක් ලබා ගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.

රෝයල් චැලේන්ජ්ර්ස් කණ්ඩායම වෙනුවෙන් විල් ජැක් පන්දු 32 කින් ලකුණු 55 ක් සහ රාජත් පතිදර් පන්දු 23කින් ලකුණු 52ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විණි.

රෝයල් චැලේන්ජ්ර්ස් වෙනුවෙන් පන්දු යැවීමේ දී යෂ් ඩයල් ලකුණු 50 කට කඩු ̈ 2 ක් දවා ගත් අතර, කැමරන් ග්‍රීන් ලකුණු 35 කට කඩු ̈ 2 ක් දවා ගත්තේය. පිත්තෙන් ලකුණු 27ක් සහ පන්දු යැවීමේදී ලකුණු 25කට කඩු ̈ 3 ක් ලබාගත් ඇන්ඩෲ රසල්ට තරඟයේ වීරයා සම්මානය හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment