කැනඩා සිහින මවා කෝටි 25කට විද්ද සැකකරුගේ ඉන්දියානු පිම්ම වරදී

813

පුද්ගලයන් කැනඩාවට යවන බව කියමින් යාපනයේ වැසියන්ගෙන් රුපියල් කෝටි විසිපහකට වඩා වැඩි ගණනක් වංචාකළ යාපනයේ මනිපායී ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විදේශගත වීමට ගුවන් තොටුපළ වෙත යමින් සිටියදී යාපනය පොලිසිය විසින් පෙරේදා (27 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

2022 වසරේ සිට මොහු පුද්ගලයන් විදේශ රටවලට යැවීමේ ඒජන්සියක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම වසරේ සිට මොහු යාපනයේ වැසියන්ගෙන් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් අය කරගෙන තිබේ. වසරකට පුද්ගලයන් දෙදෙනකු හෝ තුන්දෙනකු යුරෝපා රටවලට යැවීමට මොහුට හැකියාව ලැබුණු නිසා යාපනයේ ජනතාව ඔහුගේ සේවය විශ්වාස කොට මුදල් ලබා දී ඇත. අවසානයේදී ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයන්ගෙන් ගැලවීමක් නොමැති තැන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පලා යෑමට ගුවන් යානය වෙත යමින් සිටියදී යාපනය පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහුව හඹාගොස් යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment