ශී‍්‍ර ලංකාවට එරෙහි සටනකට සුවිස් කල්ලියක් සැරසෙති

965

ඉදිරියේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව සටන් වැදීම සඳහා ස්විට්සර්ලන්තයේ උපත ලැබූ ද්‍රවිඩ තරුණයන් ඒකරාශී වී ‘නිදර්සන්’ නමින් කොටි කි‍්‍රයාකාරී සංවිධානයක් පිහිටුවා ඇත.
 
බාසල් නගරයේ ආරම්භ කර ඇති මෙම සංවිධානය තමිල් ඊළම් තරුණ පරපුර නමින් හැඳුනුම් පතක්ද ප‍්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබේ.
 
ස්විට්සර්ලන්තයේ කොටි සංවිධානය තහනම් නැති නිසා එරට සිටින ද්‍රවිඩ තරුණ තරුණියන් මෙම සංවිධානයට බඳවා ගැනීමට තීරණයකර ඇත.
 
මේ සඳහා මසකට ස්විස් ප‍්‍රෑන්ක් 10 බැගින් ද්‍රවිඩ ජනතාවගෙන් අයකිරීමට ‘නිදර්සන්’ සංවිධානය කටයුතු කර ඇත. ස්විස් ආරංචි මාර්ග පැවසුවේ ශී‍්‍ර ලංකාවේ උතුරේ තරුණ තරුණියන් ද මෙම සංවිධානයට බඳවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති බවයි.
 
එම නව සංවිධානය කොටි අලූත් පරපුර බව ජිනීවාහි ද්‍රවිඩ ආරංචි මාර්ග හෙළි කළේය.
 
– කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment