ගණේමුල්ලේ සංජීව ගැන පරීක්‍ෂණ කරන නාකොටික් නිලධාරියාට අල්ලස් දීමට ගිය ‘ලෝයර් නෝනා’ ගැන විමර්ශන

640

රැඳවුම් නියෝග මත වීරඟුල පොලිසියේ රඳවා සිටින පාතාල කල්ලි නායකයකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගණේමුල්ලේ සංජීවට එරෙහිව විමර්ශන පවත්වන මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට අල්ලස් ලබාදීමට උත්සාහ කරන නීතිඥවරියකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම නීතිඥවරිය මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කරන දුරකථන හඬ පටයක්ද මේ වනවිට අල්ලස් කොමිසම වෙත ලැබී තිබේ.

ගණේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලයට අදාළ මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කිරීමට පැමිණ සිටි මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකථනයෙන් කථා කර ඇති මෙම නීතිඥවරිය එම නිවස පරීක්‍ෂා නොකරන ලෙස ඉල්ලමින් අල්ලස් මුදල් ලබාදීමට පොරොන්දුවී ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්‍ෂණයක්ද ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment