ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණියෙන් ඉහළට

484

අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සමඟ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ඔහුට ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ හිමිව ඇති නවතම ස්ථානය වන්නේ 13 වන ස්ථානයයි.

ප්‍රසාද ලකුණු 721ක් ලබාගනිමින් ඔහු ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

මේ අතර රමේෂ් මෙන්ඩිස් ද එහි ප්‍රසාද ලකුණු 626ක් හිමිකරගෙන ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 22 වන ස්ථානයේ රැඳී සිටී.

එසේම ප්‍රභාත් ජයසූරිය අප්‍රේල් මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ නිර්දේශිත නාම ත්‍රිත්වය තුළට ද ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment