සුජීව රාජපක්ෂ සභාපති මහජන බැංකුව(ව) / ක්ලයිව් ෆොන්සේකා ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී මහජන බැංකුව (ද)

මහජන බැංකුව, 2023 දෙසැම්බර් 31 දායින් අවසන් වූ වසර සඳහා අත් කර ගත් මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණු අතර, 2023 වසර තුළ බැංකුවේ සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම හා බදු පෙර ලාභය පිළිවෙළින්, රුපියල් බිලියන 96.8 ක් සහ රුපියල් බිලියන 19.3 වාර්තා කර තිබේ.

2022 වසරේ සහ 2023 වසරේ මුල් මාස කිහිපය තුළ ඉහළ පොලී අනුපාත තත්ත්වයක් පැවතුණු අතර, ගනුදෙනුකරුවන් වෙත සැලකිය යුතු පොලී සහන පිරිනැමීම හේතුවෙන්, කාලීන තැන්පතු අරමුදල් වෙනුවෙන් ඉහළ පොලී පිරිවැයක් දැරීමට බැංකුවට සිදුවිය. ඒ අනුව, ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 67.8 දක්වා පහත වැටුණි. පෙර වර්ෂයේ එය පැවතුණේ, රුපියල් බිලියන 91.0 ක් ලෙසිනි. කෙසේ වෙතත්, එහි පොලී වියදම වත්මන් පොලී අනුපාත තත්ත්වයන් සමඟ සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පැවති බැවින්, වසරේ අවසාන කාර්තුව වෙද්දී, සැලකිය යුතු ප්‍රගතියක් බැංකුව විසින් පෙන්වා තිබේ. එය පෙර වර්ෂය තුළ එනම්, 2022 දී වාර්තා කළ අඩු අසාමාන්‍ය අයිතමයන්ට වඩා 11.0% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, එනයින් ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 13.9 ක් ලෙස වර්ධනය වී තිබේ.

උද්ධමනය හේතු කරගෙන ඇති වුණු පිරිවැය පීඩන තත්ත්වය තිබියදී, මහජන බැංකුවේ සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් වියදම් 5.5% කින් පමණක් ඉහළ ගිය අතර, එය රුපියල් බිලියන 62.2 (2022 රුපියල් බිලියන 59.0) ක අගයක් දක්වා ළඟා වී තිබේ.

සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සහ දේශීය ණය පිළිවෙලින් 12.0 % සහ 1.4 % කින් වර්ධනය වූ අතර, සියළුම මුදල් ශුද්ධ ණය 4.0% කින් සංකෝචනයට ලක් විය. විදෙස් මුදල් ණය මත රුපියලේ බලපෑම ඉහළ යාම මෙන්ම, සාර්ව ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වසරේ මුල් මාස 6 තුළ, බැංකුව සහ සමූහය විසින් මනිනු ලබන වර්ධනය යන කාරණා ද්විත්වයම එමගින් පිළිබිඹු කරයි. අදාළ කාල සීමාව අවසන් වන විට, සමස්ත ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 3,208.2 ක් විය. (2022 අවසානය වන විට: රුපියල් බිලියන 3,133.1කි.)

2023 දෙසැම්බර් 31 දිනට (2022 අවසානයේ: 11.9% සහ 16.3%) බැංකුවේ ස්ථර 1 හි සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාත පිළිවෙලින් 12.4% සහ 17.4% විය. එය ඒකාබද්ධ පදනම අනුව සලකද්දී, එම අගයන් පිළිවෙලින් 13.7% සහ 18.2% ක් වේ. (2022 වසරේ: 13.3% සහ 17.2% ක ප්‍රතිශතයකි). 2017 ජුලි 1 වැනි දින, බාසල් 111 ආරම්භයේ පටන්ම ගනු ලැබූ ප්‍රයත්නයන් හි ප්‍රතිඵල විදහා දක්වමින්, බැංකුවේ පොලී මට්ටම් යහපත් අගයක පැවතිණු අතර, අතිරේක අවිනිශ්චිත අරමුණුද ඇතුළත්ව එහි නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ ප්‍රයත්නයන් මේ වන විටත් ක්‍රියාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment