ලිට්‍රෝ ගෑස් 175කින් බසී

56

ලාෆ් ගෑස් මිලත් 275කින් පහළට

ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට පැවැසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කළ බවත්, ඒ අනුව රුපියල් 4115කට පැවැති ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 3940ක් බවත් ඒ මහතා කීය.

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 70කින් අඩු කළ බවත් ඒ අනුව එහි නව මිල රුපියල් 1582ක් බවත් හෙතෙම කියා සිටියේය.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 32කින් අඩු කළ බවත් ඒ අනුව එහි නව මිල රුපියල් 740ක් බවත් සභාපතිවරයා කීය.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධනය සිදුකළ බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල ඊයේ (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 275කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඊයේ (03 වැනිදා) පැවැසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල 3840ක් දක්වා ද අඩු කළ බව හෙතෙම කීය.

කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් පහළ දැමූ බවත් ඒ අනුව එහි නව මිල 1542ක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment