චීනයේ ළදරු පාසලක පිහි ඇනුමකින් දරුවන් 3ක් ඇතුළු 6ක් මරුට

465

ගිනිකොණදිග චීනයේ ග්වන්දොන්ග් පළාතේ ළදරු පාසලක සිදුවූ පිහි ඇනුමකින් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු 6 දෙනකු මියගොස් තිබේ.

මෙම ප්‍රහාරයෙන් එම ළදරු පාසලේ ගුරුවරියක් සහ දෙමාපියන් දෙදෙනකු ද මියගොස් ඇති අතර තවත් එක් අයකු ද තුවාල ලබා තිබේ. මෙම ප්‍රහාරය සිදු කළ වූ නම් වාසගමක් ඇති 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය ඊයේ චීන දේශීය වේලාවෙන් උදෑසන 07.40ට පමණ සිදුව ඇත. ප්‍රචණ්ඩ අපරාධ චීනයේ සාපේක්ෂව දුර්ලභ නමුත් මෑත වසරවලදී එරට පාසල්වල පිහි ප්‍රහාර කිහිපයක් සිදුව තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ ගිනිකොණදිග ජියැන්ග්සි පළාතේ ළදරු පාසලක සිදුවූ පිහි ඇනුමකින් තිදෙනෙක් මරණයට පත්වූහ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment