ඇමරිකානු ගුවන් යානයක් ගුවන්ගත වෙද්දී එන්ජිමේ කවරය ගැලවේ

859

ඇමරිකානු ගුවන් සේවාවකට අයත් මඟීන් 135 දෙනකු රැගත් බෝයිං වර්ගයේ ගුවන් යානයක් ගුවන්ගත කිරීමට යෑමේදී එහි එන්ජිමක ආරක්ෂිත ආවරණයක් ගැලවී ගොස් ගුවන් යානයේ පියාපතක

ගැටීම හේතුවෙන් එම ගුවන් ගමන අත්හිටුවා යානය නැවත ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව ගෙන ඒමට ගුවන් නියමුවන් විසින් පියවර ගෙන තිබේ.

ඇමරිකානු ගුවන් සේවාවක් වන සවුත්වෙස්ට් එයාර් ලයින්ස් සමාගමට අයත් බෝයිං 737 – 800 වර්ගයේ ගුවන් යානය ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට හුස්ටන් නගරය දක්වා පියාසර කිරීම සඳහා ගුවන්ගත කර අඩි 10,300ක් පමණ උසට ගමන් කර තිබියදී අදාළ එන්ජිමේ කවරය වැටී ගුවන් යානයේ පියාපතක ගැටී තිබේ. සිද්ධියෙන් ගුවන් යානයේ සිටි මඟීන් 135 දෙනාට හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනාට අනතුරක් සිදුව නොමැති අතර මෙම සිදුවීමෙන් පසු එම ගුවන් මඟීන් වෙනත් යානයකින් පිටත් කර යැවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ගුවන්යාන එන්ජිමේ කවරය වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ගුවන් සේවා බලධාරීන් විසින් පරීක්ෂණයක් අරඹා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment