යුක්රේනයේ “ඩොන්බාස්” කලාපය රුසියානු බෝම්බ ප්‍රහාරවලින් විනාශ වේ

623

යුක්රේනය ආක්‍රමණය කර සිටින රුසියානු හමුදාවන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් ඩොන්බාස් නමැති යුක්රේනයේ
නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කලාපය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව එරට ජනාධිපති වොලොදෝමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

මේ වන විට “ඩොන්බාස්” කලාපය රුසියානු බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් විනාශ වී ගොස් තිබීම නිසා එය දිස්වනුයේ අපායක් විලසින් බව යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබේ. දරුණු හා හැඟීමක් නොමැතිව රුසියානු හමුදාව විසින් පෙරේදා (19දා) දිනයේ අදාළ කලාපයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් පුද්ගලයන් 12 දෙනකු

මියගොස් ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ඩොන්බාස් කලාපයට වැඩි වශයෙන් බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීමට රුසියානු හමුදාවන් විසින් පියවර ගෙන ඇත්තේ එම කලාපයේ වෙසෙන යුක්රේන ජාතිකයන් වැඩි දෙනකු මරා දැමීමේ හා නිවාස, ව්‍යාපාරික ස්ථාන හා යටිතල පහසුකම් වැඩි වශයෙන් විනාශ කිරීමේ අරමුණින් බව ඔහු චෝදනා කර තිබේ. රුසියානු ප්‍රහාරවලට ලක්ව තිබීම නිසා කලාපයේ දරුණු බෙහෙත් හිඟයක්ද පවතින බව බටහිර මාධ්‍ය පවසයි.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment