මාලදිවයින් මැතිවරණයේ ජය චීන හිතවාදී ජනපතිට

171

පෙරේදා (21දා) මාලදිවයිනේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් චීනයට පක්ෂපාති ජනාධිපති මොහොමඩ් මුයිස්සුගේ ජනතා ජාතික කොංග්‍රස් පක්ෂය (පීඑන්සී) පක්ෂය මාලදිවයින් පාර්ලිමෙන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ. මේ අනුව මාලදිවයින් පාර්ලිමෙන්තුවේ ආසන 93න් 66ක්ම දිනාගනිමින් ජනාධිපති මුයිස්සුගේ පක්ෂය මැතිවරණයෙන් ජයගෙන ඇති අතර චීනය සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන යෑම හේතුවෙන් ඉන්දියාවෙන් මාලදිවයිනට එල්ල වන බලපෑම් අඩු කිරීම සඳහා දැනට මාලදිවයිනේ සිටින ඉන්දීය හමුදා සම්පුර්ණයෙන්ම පිටත් කර යවන බවට ප්‍රතිඥා දී තිබේ.

මැතිවරණයේදී ජනතාවගේ බහුතර සහාය මාලදිවයින් ජානාධිපතිවරයාට ලැබීමෙන් ඔහුගේ චීන හිතවාදී ප්‍රතිපත්තියට ජනතාවගේ සහාය ලැබී ඇති බව පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පවසති. මාලදිවයිනේ ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මෙවර මැතිවරණයේදී හිමිව ඇති ආසන සංඛ්‍යාව 15 කි. පසුගිය වසරේ ජනාධිපති ධුරයට පත් මුයිස්සු චීනයේ සංචාරයක යෙදෙමින් චීන රජය සමග මාලදිවයිනේ ආයෝජනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම හේතුවෙන් ඉන්දියාව සමග එරට පවත්වන සබඳතා පළුදු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment