නොපැමිණි පක්‍ෂවලට යළි ඇරයුම් කරනවා – ජනපති

230

පක්‍ෂ පාට ආගම් භේද නැති පුළුල් මහජන ව්‍යාපාරයකට එකතුවෙන්න – ජනපති

* පක්ෂ 17 ක් සහභාගි වෙයි

* යෝජනා කි‍්‍රයාත්මක කිරීමට කමිටුවක්

* නව අයවැයක් ගෙන ඒමට එකඟ වෙයි

නොපැමිණි පක්‍ෂවලට යළි ඇරයුම් කරනවා - ජනපති

* අලූත් අවුරුද්දට පෙර සහන දෙනවා – බැසිල්

* අර්බුදයෙන් ගොඩ ඒමට වසර 5 ක් යනවා; ජනතාවට සහන දිය යුතුයි

* බැංකු කඩා වැටීම වැළැක්වීමට  ආරක්ෂණ දැලක් දාන්න:

* සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ඕනෑ – රනිල්

* ඛනිජ තෙල් සැපයීම අඩාල වීම නැවැත්වීමට මිල සූත‍්‍රය  යළි ක‍්‍රියාත්මක කළ යුතුයි – මෛත‍්‍රී

* මඑපෙන් කරුණු 10 ක්  අඩංගු යෝජනාවලියක්

* දරිද්‍රතා රේඛාවටත් වඩා අඩු ආදායම් ලබන පවුල් සිටිනවා. සමහරු කන්නේ එක වේලයි. වියළි ආහාර මල්ලක් දිය යුතුයි – මහාචාර්ය තිස්ස විතාරණ

* බදු ක‍්‍රමය විශාල ලෙස සංශෝධනය විය යුතුයි

නොපැමිණි පක්‍ෂවලට යළි ඇරයුම් කරනවා - ජනපති

සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන්නේ දේශපාලන අරමුණකින් නොව අද රට මුහුණ දී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීමේ අවංක වුවමනාවෙන් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම සමුළුවට සහභාගි නොවූ දේශපාලන පක්ෂ ඉදිරියේදී එක්කර ගැනීමට නැවත ආරාධනා කරන බවත් පැවසූ ජනාධිපතිවරයා සහභාගි වූ දේශපාලන පක්ෂ නායකයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සලකා බැලීමට ක‍්‍රමවේදයක් සකස් කරන බවත් ඵලදායි යෝජනා කි‍්‍රයාත්මක කිරීමට පක්ෂ නියෝජිතයන්ගෙන් කමිටුවක් පත් කළ යුතු බවත් පැවසීය.

නොපැමිණි පක්‍ෂවලට යළි ඇරයුම් කරනවා - ජනපති

කිසිවෙකුට චෝදනා කිරීමක් නොකරන බවත් රට මුහුණ දී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීමට සියලූ දෙනාගේ අදහස් ලබා ගැනීමේ අරමුණින් මෙම සමුළුව කැඳවූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වත්මන් ආර්ථික ගැටලූවට විසඳුම් සෙවීමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතුයි. කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අතීරණය වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැුගෙන යා යුතුය යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මන්දිරයේදී ඊයේ (23 දා* ආරම්භ වූ සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මුලසුන දැරූ මෙම සමුළුවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග‍්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල් කඳුරට ජනතා පෙරමුණ, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ශී‍්‍ර ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, අපේ ජනබල පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි යන පක්ෂ 17 ක නායකයන් හා නියෝජිතයන් එක්වූහ.

සමුළුවේදී අදහස් දැක්වූ දේශපාලන පක්ෂ නායකයන් ජනතාවට කඩිනමින් සහන සැලසිය යුතු බව රජයෙන් ඉල්ලා සිටි අතර ඊට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ එළඹෙන අලූත් අවුරුද්දට පෙර ජනතාවට විශාල සහනයක් ලබාදෙන බව සඳහන් කළේය.

එමෙන්ම දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනකු යෝජනා කළ පරිදි කැබිනට් මණ්ඩලයේ එකඟතාව මත නව අයවැයක් ගෙන ඒමට සූදානම් බව ඇමැතිවරයා පැවසීය.

මෙම සර්වපාක්ෂික සමුළුව පැය හතරකට ආසන්න කාලයක් පැවැත්වුණු අතර, ඊට සහභාගි වූ සියලූ දේශපාලන පක්ෂ නායකයෝ අදහස් දක්වමින් යෝජනා ඉදිරිපත් කළහ.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා

මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වසර 5 ක් ගත වන බැවින් ජනතාවට සහන ලබාදිය යුතුයි ආයෝජකයන් තුළ විශ්වාසයක් නොමැති වීම නිසා ඔවුන් රට හැර යනවා. අප එකමුතුව කටයුතු නොකළහොත් ආයෝජකයන් එන්නේ නැහැ. අපි ජාතික වශයෙන් සමථයකට ආ යුතුයි. රජය ඒ සඳහා පෙරමුණ ගත යුතුයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදුන් වාර්තාව ලබාදීමට මේ දක්වා අසමත් වී තිබෙනවා. අද මේ සමුළුවට සමහරු නාවේ ඒ නිසා. පාකිස්තානයට අයි. එම්. එෆ් මගින් ලබාදුන් වාර්තාව මේ වනවිටත් ලබාදී තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා

එම වාර්තාව තවම ලැබුණේ නැහැ

රනිල් වික‍්‍රමසිංමහ මහතා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට නියෝජිතයාට මෙම ස්ථානයට එන්න කියන්න.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා

ඩ‍්‍රාෆ්ට් එක ආවා. එය සාකච්ඡුා කරලා ඔවුන්ගේ යෝජනා එවාවි.

රනිල් වික‍්‍රමසිංහ මහතා

මෙම අවස්ථාවේදී දිගුකාලීනව සිතා කටයුතු කළ යුතුයි. විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළ යුතුයි. එම කටයුත්ත විනිවිදභාවයෙන් කළ යුතුයි. බැංකු කඩා වැටීම වැළැක්වීම සඳහා ආරක්ෂණ දැලක් දැමිය යුතුයි. අපි මෙම අවස්ථාවේදී සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයකට යා යුතුයි. යුද්ධයක් තිබුණ නම් අපි ගේන්නේ යුද අයවැයක්. එම නිසා මෙම අවස්ථාවේදී සහන අයවැයක් ගෙන ආ යුතුයි.

අයි. එම්. එෆ්. එකේ සාකච්ඡුා සඳහා මාස 6 ක් යනවා. ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එකෙන් මැයි මාසයෙන් ඔබ්බට යන්න බැහැ. එම නිසා ඉදිරි මාස 4 සඳහා අරමුදල් තිබිය යුතුයි. ඒ සඳහා අපි මිත‍්‍ර ජාතීන් කිහිප දෙනකුගේ සහයෝගය ලබාගත යුතුයි. අපි ඉන්දියාව, එංගලන්තය, යුරෝපා සංගමය, ජපානය වෙත සමීප විය යුතුයි. අපි ජපානය සමග කළ කටයුතු අතහැරියා. අපි එම ප‍්‍රශ්නය විසඳා ගත යුතුයි. යුරෝපා සංගමය සමග තිබෙන ගැටලූත් විසඳා ගත යුතුයි.

අනුර බාලසූරිය, එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment