හයි බ්ලඩ් ප්‍රෙෂර් බස්සන්න විනාඩි 45ක් භාවනා කරන්න – බටහිර වෛද්‍යවරු ජනතාවට කියති

558

ආතතිය හේතුවෙන් වැළඳෙන අධිරුධිර පීඩනය (හයි බ්ලඩ් ප්‍රෙෂර්) අඩු කරගැනීම සඳහා දිනකට විනාඩි 45 ක් භාවනා කිරීම බටහිර වෛද්‍ය විශේෂඥයන් විසින් අධිරුධිර පීඩනය වළක්වා ගැනීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවට අලුතින් නිර්දේශයක් වශයෙන් ඇතුළත් කර තිබේ.

අන්තර්ජාතික අධිරුධිර පීඩන සංගමයට අනුව මෙසේ දිනකට විනාඩි 45 ක කාලයක් භාවනා කිරීම වැනි ක්‍රියාමාර්ගයන් හරහා ආතතිය මත ඇති වන අධිරුධිර පීඩනය අඩු කර ගැනීමට හැකි බවට විද්‍යාත්මක සාක්ෂි පවතී. සිරුර හා මනස පාලනය කිරීම අධිරුධිර පීඩනය පාලනය කිරීමේදී වැදගත් බවත්, දිනපතා සංගීතයට ඇහුම්කන් දීම හා යෝග ව්‍යායාම සිදු කිරීම වැනි ක්‍රියාවන්හි නිරතවීමද එම රෝග තත්ත්වය වළක්වා ගැනීමට උපකාරී වන බවත් සංගමය කියයි.

අධිරුධිර පීඩනය වළක්වා ගැනීම සඳහා දුම්පානය නතර කිරීම, ලුණු භාවිතය අඩු කිරීම, ව්‍යායාමයේ නිරත වීම හා හොඳ නින්දක් ලැබීම යන නිර්දේශ තවදුරටත් අනුගමනය කිරීම අවශ්‍ය බවද අන්තර්ජාතික අධිරුධිර පීඩන සංගමය විසින් අධිරුධිර පීඩනය පිළිබඳ සඟරාවේ පළ කර ඇති නවතම ලිපියක සඳහන් කර තිබේ. ලොව පුරා වැඩි පිරිසක් වාර්ෂිකව අඩු වයසින් මියයාමට හේතු වී ඇති රෝග තත්ත්වය අධිරුධිර පීඩනය බව හෙළි වී තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment