දිඹුලාගලින් හමුවූ මෙරට විශාලතම සෙල්ලිපිය හෙළි කරන්නේ මොනවාද?

1059

ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම සෙල් ලිපිය ලෙස සැලකෙන පොළොන්නරු දිඹුලාගල සෙල් ලිපියේ අනු පිටපත ඊයේ (08 දා) බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ නිරීක්‍ෂණයට ලක් විය.

එම සෙල් ලිපිය මීට වර්ෂ 2200කට ඉහතදී නිර්මාණය වූවක් බව සඳහන්ය.

අඩි 10ක් උස අඩි 48ක් පළලින් යුත් මෙම සෙල් ලිපිය තුළ දේශපාලන තොරතුරු, ආගමික තොරතුරු, වෙළෙඳ තොරතුරු මෙන්ම ආර්ථික තොරතුරු රැසක් ඇති බවට හඳුනාගත හැකි බවත් තවදුරටත් මෙම සෙල් ලිපිය නිරීක්‍ෂණය කරමින් එහි තොරතුරු තහවුරු කර ගැනීමට කටයුතු කරන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ශිලා ලේඛන කියවීම පිළිබඳ කමිටුවේ සම සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඊයේ (8 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සෙල් ලිපිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේදී පැවසීය.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment