තුර්කි බුද්ධි අංශ මෙහෙයුමෙන් අයිසිස් නායකයා සිරියාවේදී මරුට

67

තුර්කියේ බුද්ධි අංශ විසින් සිදු කරන ලද මෙහෙයුමකින් අයිසිස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබු හුසෙන් අල් කුරේෂි සිරියාවේදී මරා දමා ඇති බව තුර්කි ජනාධිපති රිසේප් ටයිප් ඉඩොගන් විසින් නිවේදනය කර තිබේ.

සිරියාවේ සිදු කරන ලද මෙහෙයුමකින් අයිසිස් නායකයා මරණයට පත්ව තිබෙන අතර එය සිදු කර ඇත්තේ ඉකුත් සෙනසුරාදා (29දා) දිනයේය. උතුරු සිරියාවේ ඇෆ්රින් ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදු කර ඇත. අතහැර දමා තිබූ ගොවිපළක් ඉස්ලාමීය පාසලක් ලෙස භාවිත කර ඇති අතර එහි සිටි අයිසිස් නායකයා බුද්ධි මෙහෙයුමෙන් මරණයට පත්ව තිබේ.

තුර්කිය උතුරු සිරියාවේ සිය හමුදා භටයන් ස්ථානගත කර ඇති අතර සිරියානු සහායක හමුදාවන්ගේ සහාය ඇතිව විශාල කලාපක් ද පාලනය කරයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment