ඉතාලියේදී ගිලී ලාංකික පිය පුතු මරුට

914


ඉතාලියේදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් සහ ඔහුගේ පුත්‍රයායි. ඔවුන් දෙදෙනා පසුගියදා සිය ඥාතීන් පිරිසක් සමග ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි ගංගාවක දිය නෑමට ගොස් ඇත.

එහිදී 25 හැවිරිදි වියේ පසුවූ තම පුත්‍රයා දියේ ගසාගෙන යනු දුටු 60 හැවිරිදි වියේ පසුවූ පියාද ජලයට පැන ඇත. කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ සැඩ පහරට හසුවී ඔවුන් දෙදෙනාම දියේ ගිලී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment