සනීපාරක්‍ෂක තුවා ගන්න සිසුවියන්ට වවුචර් ඇමැති සුසිල් කියයි

79

පාසල් දැරියන්ට සනීපාරක්‍ෂක තුවා මිලදී ගැනීමට අදාළ වව්චර් පත් එළැඹෙන අලුත් අවුරුද්දෙන් පසු ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

දුෂ්කර, අති දුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හඳුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්‍ෂ අටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්‍ෂක තුවා බෙදාදීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්‍ෂිත ප්‍රතිපාදන රුපියල් බිලියනයක් පමණ වන බවත්, එක් වවුචර් පතක වටිනාකම රුපියල් 1200ක් පමණ වන බවත් ඇමැතිවරයා කියා සිටී. මෙම වර්ෂයේ ඉදිරි මාසවලට අදාළව මෙම මුදල් වෙන් කෙරේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment