ඉරාන ජනපති හෙට මත්තලින් දිවයිනට

218

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා සිය පාකිස්තාන සංචාරයෙන් පසුව හෙට (24දා) ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ඊයේ (22දා) සිය පාකිස්තාන සංචාරය ආරම්භ කළ අතර කරච්චි හා ලාහෝර් නුවර සංචාරය කරන ඔහු බදාදා (24දා) තෙක් එරට රැඳී සිටිනු ඇත.

2011 වසරේ ආරම්භ කරන ලද උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා දිවයිනට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය ඉරාන ජනාධිපතිවරයා මීට පෙර පිළිගෙන තිබේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා මෙරටට පැමිණෙන්නේ එක් දින සංචාරයක් සඳහා වන අතර මත්තල ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට ගොඩබසිනු ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment