සඳකඩපහණ එතෙර යයි

225

සම්මානනීය ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් ගේ සංගීත ප්‍රසංග දෙකක් මේ මාසයේ එංගලන්තයේ සහ අයර්ලන්තයේ පැවැත්වේ. පළමුවැන්න ඔක්තෝබර් 21 සෙනසුරාදා ලන්ඩනයේ ‘ගේට්වේ හවුස්’ ශාලාවේදී ‘සුනිලයාමය’ නමින් පැවැත්වීමට නියමිත අතර දෙවැන්න ඔක්තෝබර් 31 අඟහරුවාදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ‘චර්ච් ඔෆ් සයන්ටොලජි ඇන්ඩ් කොමියුනිටි සෙන්ටර්’ ශාලාවේදී ‘සඳකඩපහණ’ නමින් පැවැත්වීමට නියමිතය.

සුනිල් එදිරිසිංහයන්ට ඔහුගේ පුත් සංඛ සහ නුවන්දිකා සේනාරත්න ගායනයෙන් සහාය වනු ඇත. සංගීත අධ්‍යක්ෂ වශයෙන් මහින්ද බණ්ඩාර කටයුතු කරන අතර වාදනයෙන් නිහාල් කළුබෝවිල, සනත් සතිස්චන්ද්‍ර, වජිර ගෝමස්, ජානක බෝගොඩ, චමීර දොන්දීනු සහ චමින්ද මුණසිංහ සහාය වේ. ලන්ඩනයේ පැවැත්වෙන ප්‍රසංගය රොක්සෙල් විනෝදකවය ඉදිරිපත් කරන අතර ඩබ්ලින් ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ සුමින්ද රණතුංග මහතා ය.

සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment