ආසියානු කැරම් ශූරතා තරගාවලිය: පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැමිණෙති

62

06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තා කැරම් කණ්ඩායම පෙරේදා රාත්‍රී දිවයිනට පැමිණියහ.

එම තරගාවලියේ කාන්තා අනු ශූරතාවයත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූ අතර, පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා ගත්හ.

මෙම තරගාවලිය ඉකුත් 27 දින සිට 05/01 දින දක්වා මාලදිවයින මාලේ නුවර ආසියානු කලාපයේ රටවල් 07 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

මෙම තරගාවලියේ දී “ස්විස් ලීග්” ඉසව්ව සඳහා තරග කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක සයිඩ් හිල්මි එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ද සමත් වී තිබුණි.

කටුනායක ගුවන් තොටුපළේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් සහ කණ්ඩායමේ පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා වත්මන් ලෝක ශූරතාවය හිමිකර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම බවත් මීට පෙර අවස්ථා හතරක දී ලෝක ශූරතාවය දිනා ගෙන ඇති බවත් සඳහන් කළ අතර, එළඹෙන නොවැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගි වී එහි ශූරතාවය දිනා ගැනීම තම බලාපොරොත්තුව බව ද පැවසීය.

ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම 05/02 දින රාත්‍රී 11.35 ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය නෑදෑ හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment