50 වැනි තරගය එක ලකුණකින් විසඳේ

123

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම පෙරේදා (02) සමත් විය.

හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 03ක් දැවී ලකුණු 201ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට සිය පන්දු වාර 20 තුළ කඩුලු 07ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 200ක් පමණි.

අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක ඉලක්කයක් රාජස්ථාන් කණ්ඩායමට හිමි වුවද හයිද්‍රාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් එම පන්දු වාරය තුළ ලකුණු 11 කට එක් කඩුල්ලක් දවා ගනිමින් හයිද්‍රාබාද් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ආවේය.

තරගය තුළ කඩුලු තුනක් දවා ගත් ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment