වේයන්ගොඩ ‘ශක්ති’ සහ නවගම්පුර ‘නෝන අක්කා’ කුඩු සමග මාට්ටු

92

වේයන්ගොඩ පොලිසිය විසින් පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී කුඩු ජාවාරමේ නිරත සැකකරුවන් සිව්දෙනකු, කංසා ජාවාරම් කළ සැකකරුවන් තිදෙනකු සහ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන පසුගියදා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙරොයින් ජාවාරම් සිදුකළ සැකකරුවකු ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අනෙක් සැකකරුවන් ඇපමත මුදාහැරිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ‘ශක්ති’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. ඇපමත මුදා හැරුණේ නවගම්පුර නෝන අක්කා නමැත්තිය සහ වේයන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක සැකකරුවන් බව පොලිසිය පවසයි.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අසංක රංගන මහතාගේ අධීක්ෂණය යටතේ උ.පො.ප. හශාන් වීරසිංහ, පො.කො. වරුන් වන (86231) රංග, (87712) දිලංක, (73781) වීරසිංහ, පො.සැ.රි. (11240) වීරසූරිය යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment