තනිව ජීවත් වූ තරුණියට මත් එන්නත් කර සමූහ දූෂණයට ලක් කරලා

1278

පිරිස අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්

යාපනයේ, පේදුරුතුඩුව, ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කොට තරුණයන් දස දෙනකු පමණ ඇයව සමූහ දූෂණයකට ලක් කළ බවට පේදුරුතුඩුව පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසියට හෙළි වී ඇත්තේ මීට පෙරද අදාළ තරුණයන් විසින් මේ වසරේ ජනවාරී මාසයේදී ඒ කාන්තාව බලහත්කරයෙන් දූෂණය කොට ඇයට මේ ගැන කිසිවකුට හෝ නොපවසන ලෙස බලකොට ඇයට මරණීය තර්ජන එල්ල කළ බවයි.

මව හා පියා මිය ගිය පසුව ඇය සිය වැඩිමල් සහෝදරිය යටතේ ජීවත් වී ඇති අතර ඇයද පසුගිය වසරේදී මිය යෑමෙන් පසුව එම කාන්තාව නිවසේ තනිවම ජීවත් වී ඇත.

තරුණයන් පිරිස මුල්ම වරට ඇයව දූෂණය කොට ඇත්තේ ඇය තනිවම නිවසේ සිටින අවස්ථාවකදීය.

මෙවර ද ඇයගේ නිවසට පැමිණි තරුණයන් පිරිසක් ඇයට සිහිමද වන්නට කිසියම් මත්ද්‍රව්‍යයක් බලහත්කාරයෙන් එන්නත් කොට තරුණයන් පිරිස ඇයව බලහත්කාරයෙන් සමූහ දූෂණයකට ලක් කොට තිබේ.

සමූහ දූෂණයට ලක් වීමෙන් පසුව බරපතල ලෙස රෝගී වූ මෙම කාන්තාව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සියලුම තොරතුරු හෙළි වී තිබේ.

දූෂණයට ලක් වූ කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment