ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට දෝස්මුරයක්

797

ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකගේ මරණයක් සම්බන්ධයෙන් නිසි පරිදි රාජකාරී නොකළ බවට චෝදනා කරමින් ඇල්පිටිය පොලිස් ස්ථානයේ නඩු කටයුතු මෙහෙයවන උප පොලිස් පරීක්ශක ශ්‍යානදාස මහතා සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ශක අනුර විජේසිංහ මහතා ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට තැත් කර ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් එම පොලිස් නිළධාරීන් දෙදෙනා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට එරෙහිව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කොට පොලිස් ස්ථානයේ ආර්අයිබී පොතේ පැමිණිල්ලක් සටහන් කර ඇති බව පොලිස් ප්‍රකාශකයකු සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ තර්ජනයට ලක්වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා සිද්ධියෙන් අනතුරුව අධික රුධිර පීඩනය සහ ශරීරයේ සීනි වැඩි වීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවට ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment