‘කාර්තිහෙයි තීපම් විලා’ යාපනය විශ්වවිද්‍යාලය නොසන්සුන් කරයි

546

‘කාර්තිහෙයි තීපම් විලා’ උත්සවය සඳහා පහන් තැබීමට ගිය අවස්ථාවේදී යාපනය විශ්වවිද්‍යාලය තුළ 18 දා රාත‍්‍රියේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.

මහවිරු උළෙල වෙනුවෙන් පිරිසක් පැමිණ පහන් දැල්වීමට යන බවට ආරක්ෂක අංශවලට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ යාපනය විශ්වවිද්‍යාල භූමියට කිසිවෙකුටත් ඇතුලූවීමට අවසර ලබා නොදෙන මෙන් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයට දැනුම් දී තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් පැමිණ පහන් දැල්වීමට ගිය අවස්ථාවේදී යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ ඊට අවසර ලබා නොදීම නිසා විශාල නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර පසුව විශ්වවිද්‍යාල පාලක සභාව ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසුව පහන් දැල්වීම සඳහා සිසුන්ට අවස්ථාව හිමි වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment