යාල එක් කලාපයක Night Safari ව්‍යාපෘතියක් ඇරැඹීමට යයි

180

යාල වනෝද්‍යානයේ එක් කලාපයක නියාමන ව්‍යාපෘතියක් වශයෙන් රාත්‍රි කාලයේ වනසතුන් දැක බලා ගැනීම සඳහා Night Safari විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලා එම කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

යාල වනෝද්‍යානයේ දැනට දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර තිබෙන්නේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් දෙකක් වැනි ප්‍රමාණයක් බවත් ඉතිරි කොටස් ද සංචාරකයන් සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇත.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment