නන්දසේනගෙන් හිස් වූ අසුනට වීරසේන හෙට දිවුරුම් දෙයි

159

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වන එම්. වීරසේන ගමගේ මහතා හෙට (24 වැනිදා) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

2020 වර්ෂයේ අගෝස්තු මස පැවති මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කොට මනාප ඡන්ද 38242 ක් ලබාගත් ඒ මහතා එම මනාප ඡන්ද ලැයිස්තුවේ නව වැනි ස්ථානයට පත්විය.

1991 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැකිරාව ප්‍රාදේශීය සභාවට තරග කොට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ ඒ මහතා 1993 වසරේ උතුරුමැද පළාත් සභාවට තරග කළ ද මනාප ඡන්ද සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා පළාත් සභාවට තේරී පත් නොවීය.

මේ අතර 1994 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී උතුරුමැද පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමග පුරප්පාඩු වූ එම පළාත් සභාවේ මන්ත්‍රී ධුරයකට වීරසේන ගමගේ මහතා පත් කෙරිණි. එම පළාත් සභාවේ සභාපතිවරයා ලෙස හා අමාත්‍ය ධුර ගණනාවක් හොබවා ඇති ඒ මහතා අවස්ථා කීපයකදී වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment