ෂෙඩ් ළඟ ඉන්ධන පෝලිම් සඳුදා වන විට අවසන්

133

ඉන්ධනහල්වල පවතින වාහන පෝලිම ලබන සඳුදා (07 දා) පමණ වන විට නැති වෙන බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

ඉන්ධනහල් කිහිපයක ඉන්ධන පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන මිල අඩුවනු ඇතැයි සිතා පසුගිය 31 සහ මෙම මස 01 වැනිදා ඉන්ධනහල් ඉන්ධන ඇණවුම් නොකිරීම නිසා බව ද එම නිලධාරියා කීය.
QRක්‍රමයට ඉන්ධන නිකුත් කරන නිසා දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් පමණ සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් පමණ බෙදා හරින බව ද ඔහු කීය. සාමාන්‍ය දිනක දී නිකුත් කරන එම ප්‍රමාණය ද ඇතැම් ඉන්ධනහල්වල විවිධ හේතු නිසා දෙවර්ගයෙන්ම මෙට්‍රික් ටොන් 600ක් පමණ මිලදී නොන්න තත්ත්වයක් උදා වී ඇති බවත් එම නිලධාරියා කීය.

මේ වනවිට ඉන්ධන ලබාගැනීම සඳහා ඊට පෙර බැංකුව හරහා මුදල් ලබාදීම සිදුකළ යුතු බවත්, එය ද ඇතැම් ඉන්ධනහල්වලට ගැටලුවක් වී ඇති බවත් ඔහු කීය.

සංස්ථාව සතුව ඩීසල් ජනවාරි පමණ වන තෙක් පවතින බවත් පෙට්‍රල් ද දින 20කට පමණ පවතින බවත් කී එම නිලධාරියා ඉදිරි සතිය ඇතුළත දැනට පැමිණ තිබෙන මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් නැව මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment