වී කිලෝව 85ට බැහැලා – මණ්ඩලයේ ගබඩා වහලා

94
දේවහුව යාය-03 බෙදුම්ඇළ වී ගබඩාව වසා ඇති අන්දම.

දේවහුව ගොවීහු කබලෙන් ළිපට

දේවහුව ජනපදයේ අක්කර 3,000ක පමණ වගා කර ඇති කුඹුරුවල වී අස්වැන්න නෙළීම ආරම්භ කර ඇත. නමුත් අස්වැන්න අලෙවි කර ගැනීම ගොවීන්ට ගැටලුවක් වී ඇත. වී මිල ශීඝ්‍රයෙන් පහල යෑම ඊට හේතුවයි. ඒ අනුව මේ වනවිට නොවේලූ වී කිලෝවක් රුපියල් 85ත් 95ත් දක්වා පහළ ගොස් ඇති බව ගොවීහු පවසති. කණකර උකස් කර දහඅතේ ණයවී වී වගා කර ඇති තමන්ගේ වී අස්වැන්න රජය විසින් සාධාරණ මිලකට ගතයුතු බව ගොවීහු පෙන්වා දෙති. වෙනත් වසරවල දේවහුව ජනපදයේ වී මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් විවෘත කරනු ලබන යාය තුණ බෙදුම් ඇළ වී ගබඩාව හා කනාදන වී ගබඩාව ඉබි යතුරු දමා වසා ඇත. මේ හේතුවෙන් පුද්ගලික වෙළෙඳුන් පැමිණ තමන්ගේ වී තුට්ටු දෙකට ගැනීම ආරම්භ කර ඇති බව ගොවීහු චෝදනා කරති. මේ නිසා වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘතකර තමන්ගේ වී සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් දේවහුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජී. ජී. ගුණදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.

ගලේවෙල විශේෂ – පී. ජී. ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment