ඉන්දියාව ස්ටෝක්ස්ගේ සහ මැකලම්ගේ බල බිඳියි

305

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම (3-1) ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (26 වැනිදා ) සමත් වූයේය.

මෙම තරග ප්‍රතිඵලය බෙන් ස්ටොක්ස් එංගලන්ත ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් පසුව හා බ්‍රෙන්ඩන් මැකලම් එරට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත් වීමෙන් පසුව එංගලන්ත කණ්ඩායම පරාජයට පත් වූ පළමු ටෙස්ට් තරගාවලිය ලෙසද වාර්තා වේ.

රංචිහිදී පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය ආරම්භ වන විට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 152 ක් මෑතින් සිටි ඉන්දියානුවෝ කඩුලු පහක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment