ඔමික්‍රෝන් ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජනයක්

138

මෙම දිනවල ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති දැවැන්තම තර්ජනය බවට පත්ව ඇති බව කාර්මික රටවලින් සමන්විත ජී -7 කණ්ඩායම විසින් ප‍්‍රකාශ කර තිබේ. මේ හේතුවෙන් මෙම වෛරස් ප‍්‍රභේදය සම්බන්ධයෙන් හෙළි කරගන්නා තොරතුරු එකිනෙකා අතර හුවමාරු කරගැනීමට සැම රටක් විසින්ම ක‍්‍රියා කළ යුතු තත්ත්වයකට ලොව පත්ව ඇති බව එම කණ්ඩායම සඳහන් කර තිබේ.

මේ වන විට ලොව පුරා රටවල් 77 කට පැතිර ගොස් ඇති ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය ඇතැම් රටවලින් හඳුනා නොගත්තද එය සමාජය තුළ නොදැනීම පැතිර ගොස් තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මෙම ශීත සෘතුව කොරෝනා එන්නත් ලබා නොගත් ඇමරිකානුවන්ට මරණ වැඩිවන හා දරුණු සංකුලතා හටගන්නා සෘතුවක් වීමට ඉඩ ඇති බවයි.

විදෙස් පුවත් සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment