යුක්‍රේනයටත් අයි.එම්.එෆ් ඩොලර් දෙයි

196

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්‍රේනයට ඩොලර් බිලියන 15.6ක් ලබා දීමට එකඟ වී තිබේ.

යුද වැදී සිටින රටකට එවැනි මූල්‍ය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන්නේ පළමු වරටය.

රුසියාව විසින් පසුගිය වසරේ පෙබරවාරියේ දී එරට ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලැබෙන විශාලතම මූල්‍ය අනුග්‍රහය මෙය වෙයි.

‘ඉතා අවිනිශ්චිත’ රටවලට ද මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි වන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතක දී සිය නීති වෙනස් කර ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment