සිතුල් පවුව නිධන් හොරු රක්ෂිත බන්ධනාගාරයට

216


ඓතිහාසික කුඩා සිතුල් පවුව විහාර භූමියේ පිහිටි පෞරාණික දාගැබක ගර්භය බිද නිධන් වස්තු සෙවීමේ චෝදනාවට අත්අඩංගුවට පත් යෝධකණ්ඩියේ පදිංචි සොත්ති රණා ඇතුළු සැකකරුවන් 07 දෙනා මුලික පොලිස් ප‍්‍රශ්ණ කිරීමෙන් පසු තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී ගුණසේකර මහත්මිය සැකකරුවන් 07 දෙනා මේ මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (03දා* සවස නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිස්සමහාරාම අවට පදිංචි කරුවන් අලූ‍ත් පටබැදිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා,රුමේෂ් අනුරාධ,ඒ.එල්.උවිදු ලක්ෂාන්,එස්.එන්.ප‍්‍රියන්ත,එස්.ඒ.ජයමිණී මංජුල,ඒ.පී.නිමල් ගාමිණී හා ඒ.කේ.ඒ.අමිල නැමති සැකකරුවන් හත් දෙනාය.

advertistmentadvertistment
advertistmentadvertistment