රසල් හාමර් දිවි ගමනින් නික්ම යයි

158

ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ කඩුලු රකින්නකු වූ රසල් හාමර් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 76 හැවිරිදි වියේ පසු වූ රසල් හාමර් මහතා කොළඹ වෙස්ලි විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර 1964 දී ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළේය.

ඉන්පසු නෝමෑඩ්ස්, සැරසන්ස් හා එස්.එස්.සී. ක්‍රීඩා සමාජ නියෝජනය කළ රසල් 1975/76 ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නිල නොවන ටෙස්ට් තරග දෙකකට හා එක් දින තරග දෙකකට ක්‍රීඩා කළේය.

අභාවප්‍රාප්ත රසල් හාමර් මහතාගේ දේහය අද (28 දා) උදේ සිට බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ්ස් මල් ශාලාවේ මහජන ගෞරවය පිණිස තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (29 වැනිදා) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment