දැරිය දූෂණය කල නරුමයන් හඳුනා ගනී

673

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් සමූහ වශයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත්කල සැකකරුවන් හයදෙනාම පෙරෙට්ටුවේදී හඳුනාගත් අතර සියළු සැකකරුවන් ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග කළාය

සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් තිදෙනෙකු ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් වරිය පොලිසියට නියෝග කරනු ලැබුවාය.

රිමාණ්ඩ් කරන ලද්දේ කන්තලේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ත් -55 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයින් 6 දෙනෙකි.

ඉකුත් ජූනි 29 දින කුරුණෑගල පොලිසියෙන් කන්තලේ පොලිසියට දැනුම් දී ඇත්තේ මාවතගම ප්‍රදේශයේ දැරියක් පැහැර ගෙන ගොස් පිරිසක් කන්තලේ ප්‍රදේශයේ දී දූෂණය කොට ඇති බවට පුවතක් පිළිබඳව විමර්ශණය කරන ලෙසටයි.

advertistmentadvertistment
advertistmentadvertistment