ඩයනා-සුජිත්-රෝහණට මාසයක් මැතිසබය තහනම් – ආචාර ධර්ම කාරක සභාවෙන් තීරණයක්

97

ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය මාසයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පසුගිය ඔක්තෝම්බර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් අතර ඇති වූ සිද්ධියට අදාළව ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාව මේ තීරණය ගෙන ඇත.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් මේ වාර්තාව ඊයේ සභාගත කර ඇත.

එහි නිර්දේශවල මෙසේ සඳහන් වේ.

ඉහත සඳහන් සියලු නිරීක්ෂණයන් සලකා බැලූ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරයි.

● නිර්දේශ තීරණය කිරීමේ අවස්ථාවේදී විජිත බේරුගොඩ මහතා කාරක සභා රැස්වීමෙහි රැඳී නොසිටින ලදී.

මෙහිදී කාරක සභා සාමාජිකයින් බෙදුනු තීරණයකට එළඹිණ.

● තාරක බාලසූරිය මහතා, ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ජයන්ත කැටගොඩ මහතා සහ සමන්ප්‍රිය හේරත් මහතා යන මන්ත්‍රීවරුන් විසින් ඩයනා ගමගේ, කේ. සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තිදෙනාට එක් අයෙකුට මාසයක් බැගින් වූ පාර්ලිමේන්තු රැස්වීම් තහනමක් පැනවිය යුතු බව තීරණය කරන ලදී.

● කබීර් හෂීම් මහතා, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරල මහත්මිය කථානායකතුමා විසින් අදාළ සිද්ධිය විමර්ශනය කිරීමට පත් කරන ලද විශේෂ කමිටු වාර්තාවේ දක්වා ඇති නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතු බව තීරණය කරන ලදී.

● ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති චමල් රාජපක්ෂ මහතා තීරණය දීමෙන් වැළකී සිටියේය.

● ඒ අනුව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ බහුතර සාමාජිකයන්ගේ මතය අනුව 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 28 වන වගන්තිය පරිදි, “……. එක් මාසයක් නොඉක්මවන යම් කාලයක් තුළ පාර්ලිමේන්තුවේ සේවය කිරීමෙන් ඔහු අත්හිටුවීමේ නියමයක් පාර්ලිමේන්තුව විසින් කරනු ලැබිය හැකිය” යන්නට යටත්ව සිදුවීමට මැදිහත් වූ ඩයනා ගමගේ, කේ. සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තිදෙනාට එක් අයෙකුට මාසයක් බැගින් වූ පාර්ලිමේන්තු රැස්වීම් තහනමක් පැනවිය යුතු බව තීරණය විය.

● බහුතර මතය ක්‍රියාත්මක කිරීමට සාමාජිකයන් විරෝධය නොදැක්වූ අතර, එක් මාසයක් සඳහා පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සේවය කිරීමෙන් අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නිර්දේශ කරයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment