ලංකා පාපන්දු කුසලාන තරගාවලිය ලබන 04 වැනිදා සිට සිටිලීග් පිටියේදී

32

ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෲප් පුද්ගලික සමාගම සංවිධානය කරන ‘ලංකා පාපන්දු කුසලාන’ තරගාවලිය මැයි මස 4 වැනිදා කොළඹ සිටිලීග් පිටියේදී ආරම්භ වීමට නියමිතය.

මැයි 4 දා සිට සෑම සති අන්ත දින දෙකකදීම කොළඹ සිටිලීග් පිටියේදී තරග දෙක බැගින් පැවැත්වෙන අතර, අවසන් මහා තරගය මැයි මස 18 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

යාපනය, කොළඹ, කළුතර, මීගමුව, මහනුවර, මධ්‍යම, නැගෙනහිර හා ගාල්ල යන පාපන්දු ක්‍රීඩා සමාජ 8ක් මෙම තරගාවලියට එක්වෙති.

ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් මිලියනයක් හා අනුශූර කණ්ඩායමට රුපියල් ලක්ෂ 5ක් පිරිනමන මෙම තරගාවලිය කොළඹ පාපන්දු සමාජයේ නිර්මාතෘ හා එක්ස්පෝ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සායිෆ් යූසුප් මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය වේ.

පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය උදෙසා මෙම තරගාවලිය සංවිධානය කරන බව සායිෆ් යූසුප් මහතා කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ලංකා පාපන්දු කුසලාන තරගාවලිය ලබන 04 වැනිදා සිට සිටිලීග් පිටියේදී
යාපනය පිලේ පුහුණුකරු රත්නම් ජස්මින්, කොළඹ පුහුණුකරු මොහොමඩ් හසන් රූමි, කළුතර පුහුණුකරු මොහොමඩ් රමීස්, මීගමුව පුහුණුකරු චතුර ගුණරත්න, මහනුවර පුහුණුකරු අෂ්ෆාක් අහමඩ්, මධ්‍යම පුහුණුකරු රවුමි මොහිදීන්, නැගෙනහිර පුහුණුකරු මොහිදීන් හා ගාල්ල පුහුණුකරු චන්න එදිරි බන්ඩනගේ යන මහත්වරු ශ්‍රී ලංකා ස්පෝට්ස් ගෲප් පුද්ගලික සමාගමේ නිර්මාතෘ එක්ස්පෝ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ සායිෆ් යූසුප් මහතා සමග.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment