මාව ශ්‍රීලනිපයෙන් පන්නන්න හදනවා – දයාසිරි කියයි

179

තමාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (01දා) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීය.

විධායක සභාව අකමැති නම්, පක්‍ෂ සභාපති අකමැති නම් මම යන්න කැමතියි. උඩ කට්ටිය තමයි තල්ලු කරන්නේ. නම් කියන්න බැහැ. මේ කීපදෙනෙකුට වුවමනා වෙලා තියෙනවා මාව ඉවත් කරන්න. මාව ඉවත් කරගත්තම මේ පක්‍ෂය අරන් ගිහින් එජාපයට හේත්තු කරන්න පුළුවන්නේ. ඒකට තමයි මේ දඟලන්නේ.

අරුණ බෝගහවත්ත සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment